Home News Breaking ත්‍රීරෝද රථයක් තුළින් කැපීම් තුවාල සහිත මළසිරුරක් සොයාගැනෙයි

ත්‍රීරෝද රථයක් තුළින් කැපීම් තුවාල සහිත මළසිරුරක් සොයාගැනෙයි

99 views

කිරිබත්ගොඩ,නාහේන පාරේ ත්‍රීරෝද රථයක් තුළ තිබී කැපීම් තුවාල සහිතව මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

අද(09) අලුයම 3.00ත් – 3.30 ත් අතර කාලයේ දී කිරිබත්ගොඩ, නාහේන ගැමුණු මාවතට හැරෙන මංසන්ධිය අසල නිවසක දී මෙම පුද්ගලයාට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 40 ක් වු කිරියාදුරගේ ධනුෂ්ක තරංග ගුණරත්න නැමති නො 5/3, මැතිව් නිවාස, නාහේනවත්ත, හුණුපිටිය යන ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්.

මෙලෙස මියගොස් ඇති තැනැත්තා වත්තල හැදල හංදියේ ත්‍රීරෝද රථ රියදුරකු වන අතර ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිහියෙන් ඇන මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

පිහියෙන් ඇනීමෙන් අනතුරුව මරණකරු ත්‍රීරෝද රථයෙන්ම නිවසින් රැගෙන ගොස් එම ප්‍රදේශයේම අතුරු මාර්ගයක දමා ගොස් ඇති බව ද පොලීසිය පවසයි.

මේ වන විට මෘත ශරීරය සිද්ධිය වු ස්ථානයේ ඇති අතර කිරිබත්ගොඩ පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site