Home News Breaking ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටී පුද්ගලයින් තිදෙනෙකු රෝහලට

ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටී පුද්ගලයින් තිදෙනෙකු රෝහලට

882 views

ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙක් ලිඳුල රජයේ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව ලිඳුල පොලිසිය පවසනවා.

එම තුවාලකරුවන් අතරින් ත්‍රිරෝද රථයේ රියදුරා බරපතළ ලෙස තුවාල වී සිටි බැවින් මුලික ප්‍රතිකාර වලින් පසු නුවරඑළිය රජයේ මුලික රෝහල වෙත මාරුකර යැවිමට ලිඳුල රෝහලේ වෛද්‍යවරු පියවර ගෙන තිබුණා.

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිඳුල පොලිස් වසමට අයත් ලිඳුල – බෙයාවල් ප්‍රදේශයේදි 12 වන දා රාත්‍රි 7.30 ට පමණ අනතුර සිදුවී තිබුණා.

තලවාකැලේ සිට ලිඳුල දක්වා ධාවනය කරමින් තිබු ත්‍රිරෝද රථයක් මාර්ගය අයිනක නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටි ඇති බවත් එම අවස්ථාවේ ත්‍රිරෝද රථය අධික වේගයෙන් ගමන්කර ඇති බව මුලික පරික්ෂණ වලින් අනාවරණය වු බව පොලිසිය පවසනවා.

අනතුරෙන් ත්‍රිරෝද රථයටද දැඩි හානි සිදුවී ඇති අතර ලිඳුල පොලිසිය ඉදිරි පරික්ෂණ මෙහෙයෙවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site