Home News Breaking තායිලන්ත අගමැති අද දිවයිනට

තායිලන්ත අගමැති අද දිවයිනට

90 views

දෙදින නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා අද (12) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ආරාධානයකට අනුව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

දිවයිනට පැමිණෙන තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පිළිගැනීමට නියමිතයි.

එහිදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ගෞරව පිණිස හමුදා උත්තමාචාර හා ආචාර වෙඩි මුර පැවැත්වීමට ද සැළසුම් කර තිබෙනවා.

අනතුරුව ශ්‍රී ලංකාව හා තාලියන්තය අතර පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

තායි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති නිළ නිවසේදී අද රාත්‍රි ‍භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද සැළසුම් කර තිබෙනවා.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

අනාගතයේදී එළඹීමට අපේක්ෂිත ශ්‍රි ලංකාව හා තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

තායි අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට උදෑසන භෝජන සංග්‍රහයක් පවත්වන අතර ඉන් අනතුරුව දෙරටේ ආර්ථික සහයෝගීතාව, වෙළඳාම, ආයෝජනය යන කරුණු මත පදනම් වූ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීම මෙන්ම මල්වතු අස්ගිරි පාර්ශව වල මහ නාහිමිවරුන් බැහැ දැකීමට ද නිමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය සනිටුහන් කිරීම පිණිස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් පේරාදෙණිය උද්භිත උද්‍යානයේ පැලයක් රෝපණය කිරීම ද සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site