Home News Breaking තෙල් වර්ජනය තාවකාලිකව අවසන්

තෙල් වර්ජනය තාවකාලිකව අවසන්

SHARE

ජනාධිපතිතුමා සමඟ ඊයේ (26) පස්වරුවේ පැවැති සාකච්ඡාවෙන් පසු ලබන අඟහරුවාදා තෙක් වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළා.

කැබිනට් අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, අර්ජුන රණතුංග, මලික් සමරවික්‍රම යන අය සහ වෘත්තීය සමිති නියෝජිතයන් ලබන අඟහරුවාදා (01) යළි ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩි.ජේ රාජකරුණා කියා සිටියේ.

අද උදෑසන සිට බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවද ඔහු කියා සිටියා.

කොළඹ ඇතුලූ තදාසන්න ප්‍රදේශවලට ඉන්ධන සැපයුම අද පස්වරුව වනවිට යථා තත්ත්වයට පත්වනු ඇති බවයි ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළේ.

ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම, හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය සංස්ථාවට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කඩිනමින් නවීකරණය කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් ඛනිජ තෙල් සේවකයින් පසුගිය 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ආරම්භ කළා.

ඊයේ ජනාධිපතිතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී තම ගැටලු සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා අවස්ථාව දුන් බවද ඔහු වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site