Home News Breaking තේරී පත්වූ සභික සංඛ්‍යාවේ නාමලේඛනය ගැසට් කිරීම පෙබරවාරි අවසන් වීමට පෙර

තේරී පත්වූ සභික සංඛ්‍යාවේ නාමලේඛනය ගැසට් කිරීම පෙබරවාරි අවසන් වීමට පෙර

929 views

පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභික සංඛ්‍යාව ඇතුළත් නාමලේඛනය ගැසට් කිරීම මෙම මස අවසන් වීමට පෙර සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසනවා.

පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලවලට අනුව ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ නාමලේඛනය මැතිවරණ කොමිසම විසින් ගැසට් කළ යුතුයි.

ඒ සඳහා අවශ්‍ය සභිකයින් පිළිබඳව තොරතුරු දේශපාලන පක්ෂ විසින් ලබාදීමෙන් අනතුරුව එය ගැසට් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලවලට අනුව සමානුපාතික ක‍්‍රමය යටතේ තේරී පත් වන සභිකයින් සංඛ්‍යාව පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ ඒ ඒ දේශපාලන පක්ෂ වෙත දැනුම්දීමට නියමිතයි.

සියයට 40ක ප‍්‍රමාණයක් සමානුපාතික ක‍්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට තේරී පත්වන අතර සමස්ත සභිකයින්ගෙන් සියයට 25ක කාන්තා නියෝජනයක් තිබීම අනිවාර්ය වනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වන සභිකයින් පිළිබඳ තොරතුරු නිල වශයෙන් පක්ෂ වෙත ඉදිරි දින කිහිපය තුළ දැනුම්දීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

එම දැනුම්දීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතන සඳහා සමානුපාතික ක‍්‍රමය යටතේ තේරී පත් වන සභිකයින් පිළිබඳව මැතිවරණ කොමිසම වෙත දැනුම්දීමට නියමිතයි.

මේ අතර පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු මස 06 වන දින දක්වා කල් දැමීමට සිදුව ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය ලේකම් කමල් පද්මසිරි සඳහන් කළේ පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම පෙබරවාරි මස 15 වන දින සිදුකිරීමට නියමිතව තිබූ බවයි.

පළාත් පාලන ආයතනවල සභික නාමලේඛනය ගැසට් කිරීම ප‍්‍රමාද වීම හේතුවෙන් ඒවා සංස්ථාපනය කිරීමේ කාලය දීර්ඝ කිරීමට සිදුව ඇති බව කමල් පද්මසිරි සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site