Home News Breaking දකුණු අධිවේගයේ අදායම 15% කින් ඉහළට

දකුණු අධිවේගයේ අදායම 15% කින් ඉහළට

372 views

සිංහල දෙමළ නව අවුරුදු සමයේ අප්‍රේල් 10 සිට 16 දක්වා සතියක කාලය තුළ දී රුපියල් මිලියන 105 ක ආදායමක් දකුණු අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය තුළින් වාර්තා වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙම කාලය තුළ රථවාහන 372,000 කට වැඩි ප්‍රමාණයක් දකුණු අධිවේගී මාර්ගය භාවිත කර තිබෙනවා.

මෙම ආදායමෙන් රුපියල් මිලියන 23ක් අප්‍රේල් 15 දින වාර්තා වී ඇති අතර එම දිනයේ දී දකුණු අධිවේගී මාර්ගය භාවිත කර ඇති මෝටර් රථ ප්‍රමාණය 79,700 ඉක්මවා තිබේ.

මේ අතර අප්‍රේල් 14 දින 50,000 කට අධික මෝටර් රථ ප්‍රමාණයක් දකුණු අධිවේගී මාර්ගයේ ධාවනය වී ඇති අතර එමඟින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 14 ඉක්මවා තිබුනා.

2017 වසර තුළ දී රුපියල් මිලියන 230 ක ආදායමක් අධිවේගී මාර්ගවලින් ඉපයීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමත් වී තිබුනා.
මෙය 2016 වසරට වඩා 25% ක ඉහළ යාමකි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site