Home News Breaking දඩ මුදල වැඩි වෙන රථ වාහන වැරදි 33 මෙන්න

දඩ මුදල වැඩි වෙන රථ වාහන වැරදි 33 මෙන්න

228 views

රථ වාහන වැරදි 33 ක් සම්බන්ධයෙන්, නියම කෙරෙන ස්ථානීය නව දඩ මුදල ලබන 15 වැනි දා සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ සඳහා වන නව දඩ පත්‍රිකා ඇතුළත් දඩ පොත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් 489 ක් වූ සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බවයි රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ සඳහන් කළේ.

මෙම නව ස්ථානීය දඩ සංශෝධන ක්‍රියාත්මක වන්නේ මේ වසරේ ජනවාරි මස 15 වන දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුවයි.

ඒ අනූව වේග සීමා උල්ලංඝණය වන පරිදි රිය ධාවනයට මෙතෙක් රුපියල් 1000 ක්ව පැවති දඩ මුදල රුපියල් 3000 දක්වා ඉහළ දමා ඇති අතර දින 14 ක් ඇතුළත ගෙවීමට අසමත් වුවහොත් එම මුදල දෙගුණයක් වන බව ද පොලිස් අධිකාරිවරයා සඳහන් කළා.

මාර්ග රීතිවලට අවනත නොවීම, පොලිස් නිලධාරීන්ගේ විධාන සහ සංඥාවලට අවනත නොවීම, මාර්ගයක මෝටර් රථයක් නවතා තැබීමේදී හෝ එය ළඟ නොසිටීමේදී හෝ අක්‍රියවීමක දී ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීම ආදී වැරදි සම්බන්ධයෙන් අය කරන නව දඩ මුදල රුපියල් 2000 ක්.

හඳුනාගැනීමේ තහඩු නොමැතිව රිය ධාවනයට මෙතෙක් අය කළ රුපියල් 500 ක ස්ථානීය දඩය රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇති අතර ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරීම හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් නොකිරීමට අදාළව රුපියල් 500 ක්ව පැවති දඩ මුදල ද රුපියල් 1000 දක්වා ඉහළ දමා තිබෙනවා.

ධාවනය කරන විට රියැදුරු බලපත්‍රයක් රැගෙන යාමට අසමත්වීමේ වරදට නව දඩ මුදල රුපියල් 1000 ක් ලෙසද ආසන පටි, ආරක්ෂිත හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම සම්බන්ධයෙන් වූ නව දඩය රුපියල් 1000 ක් ලෙස ද සඳහන්.

මාර්ග සංඥාවලට අවනත නොවීම සම්බන්ධයෙන් ලබන 15 වන දා සිට අය කරන ස්ථානීය දඩය රුපියල් 1000 ක් බව ද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site