Home News Breaking දඬය හකුලා ගැනීමෙන් පෙර දඬගෙවූ අයට රෝසිගෙන් ඉගියක්

දඬය හකුලා ගැනීමෙන් පෙර දඬගෙවූ අයට රෝසිගෙන් ඉගියක්

1,050 views

කොළඹ නගරසභා සීමාවේ නවතා තබන රථවාහනවලට දඩ නිකුත් කිරීම මේ වන විට තහනම් කර ඇති බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක පවසනවා.

මෙහිදී ඇතිවන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ජනතාව විසින් තමාව දැනුවත් කර ඇති බවත් එහි ඇති අසාධාරණය තමාට වැටහෙන බවත් පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසා සිටියේ මේ වන විට එවැනි විශාල දඩ මුදල් ගෙවා ඇති අය වෙනුවෙන් යම් සාධාරණයක් කරන්නට පියවරක් ගෙන තිබේදැයි යනුවෙන්.

ඊට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ එහි ඇති නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර අවශ්‍ය සුදුසුම ක්‍රියාමාර්ග ගැනීමට නීතිමගින් කටයුතු කරමින් සිටින බවයි.

පසුගිය දිනෙක වැල්ලවත්ත ගාලු පාරේ රථවාහන ගාල් කිරීම සඳහා වෙන් කළ ස්ථානයක සිය මෝටර් රථය ගාල් කර එහි ගාස්තුව ගෙවීමට අමතකව ආපසු පැමිණි දෙහිවල ප්‍රදේශයේ තැනැත්තෙකුට දින 13 කට පසු ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් 10,120 ක දඩයක් ගෙවීමට සිදුවීමෙන් ඔහු දැඩි අපහසුතාවට ලක්ව තිබුණා.

පසුව මේ පිළිබඳව සොයා බැලීමේදී පුද්ගලයින් රැසක් මෙවැනි සිද්ධීන් ගණනාවකට මුහුණ දී ඇති බවයි අනාවරණය වුණේ.

මෙම යන්ත්‍රයේ ඇති අඩුපාඩු ද ජනතාව පීඩාවට පත් කළ තවත් හේතුවක් වුණා.

ඒ සියල්ල සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බවයි රෝසි සේනානායක සඳහන් කළේ.

මෙම යන්ත්‍රය සම්බන්ධයෙන්ද ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site