Home News Breaking දයාසිරි සමග තිලංග විසිවෙද්දී ලසිත් ඇතුලට, මහාපුටු වෙනසක් ?

දයාසිරි සමග තිලංග විසිවෙද්දී ලසිත් ඇතුලට, මහාපුටු වෙනසක් ?

120,144 views

ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල ඉදිරියේ එම තනතුරු වලින් ඉවත් කර දමනු ඇති බව ඉන්දියාවේ වෙබ් අඩවියක් වන ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය අනාවරණය කර තිබෙනවා.

ඔවුන් එමගින් පෙන්වා දෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාසභංගයේදී ආණ්ඩුව තුල සිටිමින් අගමැතිවරයාට එරෙහි වීම නිසාත් දැන් වික්‍රමසිංහ පාර්ශවය ජයග්‍රහණය ලබා තිබෙන තත්වයක ඔහුට විරුද්ධව කටයුතු කල පිරිස් ආණ්ඩුවෙන් ඉවත්වී යනු ඇති බවට නිගමනය කරමිනි.

මෙම වෙබ් අඩවියේ වැඩි දුරටත් දැක්වෙන්නේ ක්‍රීඩා ඇමති දයාසිරි පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී පොදුජන පෙරමුණ ජයග්‍රහණයත් සමග රනිල් ඉවත්විය යුතු බවට හඬ නැගු පුද්ගලයෙකු ලෙසයි. එමගින් ඉදිරි දින කිහිපය තුල ඔහුගේ ඇමති ධුරය අහිමි වනු ඇති බවත් ඔහුගේ සමීපයතමයකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලගේ තනතුරද මේ සමගම අවධානම් තත්වයකට පත්ව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සමාජ ජාලා වෙඩ් අඩවි වාර්තා කරන්නේ දයාසිරි ජයසේකරගේ ක‍්‍රීඩා ඇමතිධුරට අහිමීවීමත් සමග ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් හේතුවක් නැතුව ඉවත්වී සිටි ප‍්‍රබල ක‍්‍රීඩක ලසිත් මාලිංග හට නැවතත් ජාතික කණ්ඩායමට එක්විය හැකි බවයි.

එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයට ලිපියක් මගින් ද දැනුම්දී තිබෙන්නේ අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි හා දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඊයේ (04දා) පැවැති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 38 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේනය කිරීම, කැබිනට් තීරණ විවේචනය කිරීම ආදී ආණ්ඩු විරෝධී ක්‍රියා හේතුවෙන් ඔවුන්ව මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

එහි පිටපතක් ජනාධිපතිවරයටද යොමුකර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site