Home News International දස හැවිරිදි දැරියකට ගබ්සාවක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කල හේතුව මෙන්න

දස හැවිරිදි දැරියකට ගබ්සාවක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කල හේතුව මෙන්න

SHARE

දූෂණයට ලක්වූ දස හැවිරිදි දැරියකට ගබ්සාවක් කිරීම සඳහා දෙමාපියන් විසින් කරන ලද ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා

මෙම දැරියගේ දරු ගැබට සති 32ක් ගතවී ඇති බවත් මේරූ දරු ගැබක් ඉවත්කිරීම ඉතා අවදානම් බවත් වෛද්‍යවරු අධිකරණයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

උදරයේ ඇතිවූ වේදනාවක් සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙකු වෙත කැඳවාගෙන ගිය අවස්ථාවේ දී මෙම දැරිය ගැබ්ගෙන ඇති බව දෙමාපියන්ට දැනගන්නට ලැබුණු අතර එතෙක් ඇය නිවස තුලදීම හිංසනයට ලක්වන බව මව්පියන් නොදැන සිටීමද විස්මිත කාරණාවක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඉන්දීය නීතියට අනුව සති 20ක් ඉක්මවූ දරු ගැබක් ඉවත් කිරීමට අවසර නොමැති අතර එසේ කළ හැක්කේ දරු ප්‍රසූතියේ දී මවගේ ජීවිතයට හානි විය හැකි බවට වෛද්‍යවරු විනිශ්චය කළහොත් පමණයි.

කෙසේ නමුත් මෙම දැරියට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ නිසි සායන කටයුතු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වෛද්‍යවරුන්ට නියම කර තිබෙනවා.

දැරිය දූෂණය කළ බවට චෝදනා ලත් පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site