Home News Breaking දැනුම් දීමකින් තොරව නැවතත් තෙල් සේවකයන් වර්ජනයකට සැරසෙයි

දැනුම් දීමකින් තොරව නැවතත් තෙල් සේවකයන් වර්ජනයකට සැරසෙයි

SHARE

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ ඉල්ලීම්වලට නිසි විසඳුමක් සතියක් තුළ ලබා නොදුන්නහොත් දැනුම් දීමකින් තොරව නැවතත් අඛණ්ඩ වැඩවර්ජනයකට යන බව දන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත එම සංගමය ලිපියක් යොමුකර තිබෙනවා.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා කියා සිටියේ සතියක් තුළ තම ඉල්ලීම්වලට නිසි විසඳුමක් ලබා නොදුන්නහොත් දැනුම් දීමකින් තොරව අඛණ්ඩ වැඩවර්ජනයකට නැවතත් යන බවයි.

අග්‍රාමාත්‍යවරයා විදෙස්ගත වී පැමිණීමෙන් පසුව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දෙන බවත්, අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණෙන තුරු ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධව කිසිදු නීතිමය එකඟතාවකට එළඹීමෙන් වැළකී සිටීමට එකඟවන බවත් අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයා මීට පෙර ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවට දැනුම් දී තිබුණා.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙරටට පැමිණ දින 11ක් ගත වී ඇතත් මෙතෙක් වෘත්තීය සමිති එකමුතුව සඳහා සාකච්ඡාවක් කැඳවා නැති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වනවා.

සතියක් ඇතුළත තම ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් ලබා නොදෙන්නේනම් අත්හිටුවා ඇති වැඩවර්ජනය නැවත දියත් කිරීමට සිදුවන බවයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site