Home News Breaking දැව සංස්ථාවේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා යළි බන්ධනාගාරයට

දැව සංස්ථාවේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා යළි බන්ධනාගාරයට

911 views

රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට අද (22) පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරුවන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බන්ධනාගාර බස් රථයෙන් අධිකරණ භූමියට රැගෙන ආ බවයි සඳහන් වන්නේ.

නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම් සභාව අධිකරණය හමුවේ කියා සිටියේ මෙම අල්ලසට අදාලව සැකකරුවන් දෙදෙනා සිදුකළ සංවාද ඇතුලත් හඩ පට රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

ඒ සම්බන්ධයෙන් වන නියෝගය ලබන මස 05 වනදා ලබාදෙන බවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.

එමෙන්ම මෙම සැකකරුවන් දෙදෙනා රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛණ ඔවුන් සේවය කළ රාජ්‍ය ආයතනවල නොමැති බවටද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

මීට අමතරව මොවුන් මෙම අල්ලස් ලබාගත් පෞද්ගලික හෝටලයේ සීසීටීවි දර්ශණ ලබාදෙන ලෙස අදාල හෝටලයෙන් ඉල්ලීමක් කර ඇති නමුත් මෙතෙක් ඒවා ලබාදී නොමැති බවයි අල්ලස් කොමිසම අධිකරණයට වාර්තා කර සිටියේ.

කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියානු සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කොළඹ පිහිටි හෝටලයක රථගාල තුලදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 03 වනදා පස්වරුවේයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් හෝටල් රථගාල තුල අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2ක කප්පම් මුදල ගණන් කරමින් සිටියා.

පසුව සැකකරුවන් එදින රාත්‍රියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් කන්තලේ සීනි සමාගමේ කොටස් ඉන්දියානු සමාගමක් වන එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමට පැවරීමේ එක් පියවරක් වෙනුවෙන් ඔවුන් මෙලෙස රුපියල් කෝටි 54ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙනවා.

පසුව එම සමාගමේ නිලධාරීන් එය රුපියල් කෝටි 10ක් දක්වා අඩු කරගෙන ඇති අතර ඒ අනුව අත්තිකාරමක් ලබාදෙන ලෙස ආදාල රාජ්‍ය නිලධාරීන් එම සමාගමෙන් ඉල්ලා තිබුණා.

ඉන්දියානු සමාගමේ ප්‍රධානියා විසින් ඒ පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසමට පැමිණිලි කර ඇති අතර ඒ අනුවයි මෙම වැටලීම සිදු කරනු ලැබුවේ.

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී, ආචාර්ය අයි.කේ. මහානාම මීට පෙර ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර එම අමාත්‍යාංශයට යටතේ කන්තලේ සීනි සමාගම පැවතුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site