Home News Breaking දියතලාවේ පිපිරිම ගැන පරීක්ෂණ

දියතලාවේ පිපිරිම ගැන පරීක්ෂණ

1,500 views

දියතලාවේ කහගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් තුළ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් නිලධාරි කණ්ඩායමක් විමර්ශනය සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සහ නිලධාරි කණ්ඩයමක් විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශනය සිදු කර තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් සහ අපරාධ ස්ථාන පරීක්ෂක පොලිස් නිලධාරීන්ගේ සහාය ද පරීක්ෂණ සඳහා ලැබී තිබෙනවා.

මූලික විමර්ශනවලට අදාළව හා සටහන් කර ඇති ප්‍රකාශ අනුව මේ වනවිට අනාවරණය වූ කරුණු අනුව ජීව අත්බෝම්බයක් පුපුරා යාමෙන් මෙම සිද්ධිය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site