Home News Breaking දියතලාවේ බස් රථයක් තුළ අත් බෝම්බයක් පුපුරා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රරශ්න කිරීම්...

දියතලාවේ බස් රථයක් තුළ අත් බෝම්බයක් පුපුරා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රරශ්න කිරීම් ඇරබේ

483 views

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක් තුළ අත් බෝම්බයක් පුපුරා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අත් බෝම්බය රැගෙන ආ බවට සැක කරන යුද හමුදා සමාජිකයාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළ බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඊයේ දිනයේ ඔහු බැලීමට දියතලාව රෝහලට පැමිණි ඔහුගේ බිරිඳගෙන් ද පොලීසිය ප්‍රකාශයක් සටහන් කර ගත් බව ය.

බෝම්බය රැගෙන ආ බවට සැක කරන යුද හමුදා සමාජිකයා මේ වන විට දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

මේ අතර සිද්ධිය සොයා බැලීමට යුද හමුදාපතිවරයාගේ නියෝගය මත විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ඒ, මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් ගේ ප්‍රධානත්වයෙනි.

අදාළ කමිටුවට සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත් ය.

හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ, සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් දෙන්නැයි යුද හමුදාපතිවරයා අදාළ කමිටුවට උපදෙස් ලබා දී ඇති බව ය.

බස් රථයේ සිටි යුද හමුදා සාමාජිකයෙකු සතුව තිබූ අත් බෝම්බයක් පුපුරා යාමෙන් අනතුර සිදුව ඇති බව මේ වන විටත් තහවුරු වී තිබේ.

පිපිරීමෙන් පුද්ගලයින් 19 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේ ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site