Home News Breaking දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

820 views

අඹේපුස්ස දුම්රිය ස්ථානය අසළ දී පොල්ගහවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ වන විට කාර්මික දෝෂයයට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සුළු ප්‍රමාදයකින් යුතුව සිදුවනවා.

එමෙන්ම බලන දුම්රිය ස්ථානය අසළ දී කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට අද (13) අලුයම බාධා එල්ල වී තිබුණා.

එය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site