Home News Breaking දුම්වැටි තොගයක් සමඟ විදේශික කාන්තාවක් අත්අඩංගුවට

දුම්වැටි තොගයක් සමඟ විදේශික කාන්තාවක් අත්අඩංගුවට

940 views

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගී කාන්තාවක් අද (27) අළුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසනවා.

44 හැවිරිදි චීන ජාතික කාන්තාවක් වන ඇය අද අළුයම 2.30 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.-557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ”
(Green Chanel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

ඇය විසින් රැගෙන විත් තිබූ විශාල ඇඳුම් අසුරන බෑගයක, මෙම ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 20,980 ක් අසුරා , සගවා ගෙන සිටි අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් 10,49,000 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මෙම අත් අඩංගුවට සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.එම්.ඒ.එස්.අමරසිංහ , ආර්.එම්.ටී.එස්.එස්.ධනපාල , එච්.සී.එම්.පෙරේරා , සහ
පී.එම්.අයි.විමුක්ති යන අය විසින් සිදු කර තිබුණා.

මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ මලික් පෙරේරා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර , මෙම චීන ජාතික කාන්තාවට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site