Home News Breaking දුෂණ වලක්වන ක්‍රම විධි තවමත් ක්‍රියාත්මක නෑ

දුෂණ වලක්වන ක්‍රම විධි තවමත් ක්‍රියාත්මක නෑ

326 views

වංචා දුෂණ සිදුවීම් වැළක්වීමට අදාළ ක්‍රම සහ විධි වත්මන් රජය තුළද තවමත් ක්‍රියාත්මක නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

කුරුණෑගල පැවැති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවවරිය මේ බව ප්‍රකාශ කළා.

අද වන විට පිටිසර ගම්වල සිටින ජනතාව පවා කිසිවක් නොදැන බැඳුම්කරය ගැන කථා කරන බවත් පැවසු හිටපු ජනාධිපතිවරිය , එයට ලබා දිය යුතු දඬුවම අද වන විට ලබා දී ඇති බව ද පැවසුවා.

කෙසේ වෙතත් හොරෙක් ද කියලා දැන ගැනීමට කාලා බැලිය නොහැකි බවත් පැවසු හිටපු ජනාධිපතිවරිය බැඳුම්කරය ගැන පත් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවට බොහෝ මඩ ගැසීම් සිදුවන බව ද කියා සිටියා.