Home C Gossip දෙවන ඉනිමේ”සොනාලි”ටීචර් වෙන්න ගිය නිල්වලා “කලනි” වුනේ මෙහෙමයි

දෙවන ඉනිමේ”සොනාලි”ටීචර් වෙන්න ගිය නිල්වලා “කලනි” වුනේ මෙහෙමයි

SHARE

සිරස ඩාන්සින් ස්ටාර් හරහා නර්තන ශිල්පිනියක් ලෙස ශේෂ්ත්‍රයට පැමිණෙන නිල්වලා විශ්වමාලි පසු කාලීනව නිරිපිකාවක් ලෙසත් කටයුතු කරනු ලැබුවා. ශේෂ්ත්‍රයේ විවිධ අංශ වලින් දකෂතා දක්වන ඇය මෑත කාලයේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන දෙවන ඉනිම ටෙලිනාටයේ “කලනි”ගේ චරිතයෙන් රසික හදවත් තුලට පුංචි තිරය ඔස්සේ වඩාත් සමීප වී තිබෙනවා.ඇයගේ කලා දිවියේ තොරතුරු දැන ගැනීමට මෙවර නිල්වලා විශ්වමාලිව හමුවුණා.

01. ඔබේ පාසල් කාලය ගතවුනේ කොහොමද ?

මම ඉගෙනුම ලැබුවේ හංවැල්ලේ රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ඇත්තටම හරිම සුන්දර පාසල් කාලයක් තිබුනා මට. පුංචි කාලයේ පටන්ම මම නර්තනට ගොඩාක් දක්ෂයි. ඒ කාලයේ පාසලේ ගුරුවරුන්ගෙන් වගේම මගේ මිතුරියන්ගෙන් ගොඩාක් පැසසුමට ලක්වුණාඒ මගේ නර්තන හැකියාව වෙනුවෙන්. පාසල තුල නර්තන ශිල්පිනියක් ලෙස ජනප්‍රියයි.

02. නිල්වලා නිරුපන ශේෂ්ත්‍රයට ආවේ කොහොමද ?

නිරුපණයට ශේෂ්ත්‍රයට එන්න ලොකුම ආශාවක් මගේ හිතේ තිබුනේ නැහැ නමුත් එකත් සිදුවුනේ අහබු සිදුවීමක් ලෙසයි.ඒ මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යාවක් ලෙස අධ්‍යන කටයුතු කරමින් ඉන්න කාලයේ මගේ යාලුවෙක්ගේන් ලැබුණු ආරාධනාවක් මත තමයි නිරුපන ශේෂ්ත්‍රයට පැමිණුනේ.

03. නර්තන ශිල්පිනියක් වූ ඔබ රංගන ශිල්පිනියක් වුනාම රංගනයට සාදාරණයක් කරන්න පුලුවන්ද ?

ඇත්තටම නර්තනය කරන හැමෝටම රංගනය කරන්නත් බැහැ, රංගනය කරන හැමෝටම නර්තනය කරන්නත් බැහැ නමුත් ශේෂ්ත්‍රයේ බොහොම ටික දෙනෙක් ඉන්නවා මේ දෙකම ඉතාම සාර්ථකව සම ලෙස කරන අය. මම විශ්වාස කරනවා ඕනෑම කෙනෙකුගේ උත්සාහය,කැපකිරීම,උනන්දුව මත නර්තනයයි, රංගනයයි දෙකම සමබරව කරන්න පුළුවන් කියලා අන්න ඒ විශ්වාස මත මම රංගනය කරනවා.

04. නර්තනය,නිරුපනය,රංගනය මේ තුනෙන් නිල්වලා වැඩියෙන්ම කැමති මොන ශේෂ්ත්‍රයටද ?

නිරුපනයට නම් මම මේ වෙද්දී ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ හේතුව අපේ රටේ නිරුපන ශිල්පිනියක් ලෙස සාර්ථක ගමනක් යන්න අමාරුයි. නමුත් ලංකාවේ මං ආදරේ කරන නිරුපන ශිල්පින් බොහොමයක් ඉන්නවා. ඔවුන්ට මං ගරුකරනවා. නමුත් මම හිතන්නේ නිරුපණයට වඩා නර්තනය හා රංගනය තුලින් අපේ රට තුල බොහෝ දෙයක් කරන්න පුළුවන් කියලයි. මම ඉන්දියානු නර්තනය හදාරපු ශිල්පිනියක් නිසා මම කවදා හරි වෘතිමයනර්තන ශිල්පිනියක් වුවත් වෘතිමය රංගන ශිල්පිනියක් වෙන්න කැමති නැහැ. රංගනය මම කරන්නේ මගේ අසාවට විතරයි. නමුත් මම නර්තනය හා රංගනය යන දෙකටම කැමතියි වගේම ආදරෙයි.

05. අසාවට රංගනය කරන්න ගිහිං අමාරුවේ වැටෙයි කියලා බයක් නැද්ද?

එහෙම බොරු බයක් තියා ගන්න අවශ්‍ය වන්නේ නැහැ මොකද මම මෙච්චර කල් රංගනයෙන් වැඩ කරලා තියෙන්නේ ශේෂ්ත්‍රයේ නම තියෙන ශේෂ්ත්‍රයට වැඩක් කරපු ප්‍රවීන අධ්‍යක්ෂක වරුන් සමග අන්න ඒ නිසා කිසිම බයක් වන්න අවශ්‍ය නැහැ. ඔවුන් පවා මට අවස්ථාව දුන්නේ දක්ෂතාවය මතයි. දක්ෂතාවය තමන් සතුනම් රංගනය කරන්න කිසිම බයක් වෙන්න අවශ්‍ය නැහැ. දෙවෙනි ඉනිම නාට්‍ය සදහා ශිල්පින් තෝරා ගැනීමේ පරික්ෂණ දෙකකට මාත් සහභාගී උනා. හැබැයි මම සහභාගී උනේ “සොනාලි”ටීචර් ගේ චරිතය සදහායි. එහිදී දෙවෙනි ඉනිම නාට්‍යයේ අධ්‍යක්‍ෂක සාරංග මෙන්ඩිස් මහතාගේ සහය අධ්‍යක්‍ෂවරයා මගේ රංගන හැකියාව බලලා මට පසුව දැනුම් දෙන්නම් කිව්වා. නමුත් මට කැදවීමක් ලැබුනේ නම් නැහැ.පසු කාලීනව නාට්‍යත් විකාශනය වෙනවා මම දැක්කා.

07. දෙවන ඉනිමේ”සොනාලි”ටීචර් වෙන්න ගිය ඔබ පසු කාලීනව “කලනි” උනේ කොහොමද ?

දෙවෙනි ඉනිමේ “කලනි”ගේ චරිතය කියන්නේ මගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍ය කිව්වොත් මං නිවැරදියි. එකත් මට ලැබෙන්නේ අහම්බයක් විදිහට තමයි. දවසක් දෙවෙනි ඉනිමේ නළු නිළියන්ගේ සහාභාගිත්වයෙන් ක්‍රිකට් තරගයක් පැවැත් වුණා. මමත් නිකමට වගේ ඒ තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනයට ගියා. අන්තිමේදී මටත් එදා කණ්ඩායමකට ක්‍රීඩා කරන්න සිද්ද උනා.නමුත් මං ජීවිතේට ක්‍රිකට් සෙල්ලම් කරලා නැහැ එත් එදා තරගයේ මම හයේ පහර කිහිපයක් ගැහුවා.ඊට පස්සේ හැමෝම මං ගැන කතා කරන්න ගත්තා. ඒ ඒදා මම කැපී පෙනුන ක්‍රීඩිකාවක් වූ නිසා.ඒ අනුව පසුව මටත්
දෙවෙනි ඉනිමේ “කලනි”ගේ චරිතය හිමි උනා නමුත් මම නොසිතු විදිහේ ජනප්‍රිය බවක් මට “කලනි”ගේ චරිතය හරහා ලැබෙනවා. අන්න ඒ නිසා දෙවෙනි ඉනිම නාට්‍යයේ අධ්‍යක්‍ෂක වරයා ඇතුළු කණ්ඩායමටම මගේ ස්තුතිය පුදකරන්න කැමතියි.

08. නිල්වලාගේ ඉදිරි බලාපොරොත්තු මොනවද ?

දැනට මම නර්තනයෙන් විශාරද දක්වා හදාරමින් ඉන්නවා.ඒ වගේම මම නිල්වලා ඩාන්සින් ඇකඩමි කියලා ආයතනයක් පවත්වාගෙන යනවා එහිදී මගේ නිල්වලා නර්තන කණ්ඩායම ගෘහස්ත ප්‍රසංග හා උත්සව අවස්ථා සදහා සහභාගී කරවනවා. ඉතිං මගේ ඉදිරියේදී බලාපොරොත්තුවක් තියෙනවා. ඉන්දියාවට ගිහින් තවත් ඉදිරියට උපාදිය සම්පුර්ණ වෙනකල්ම නර්තනය හදාරන්න. මොකද මම කතක් නර්තනයට ගොඩාක් ඇළුම් කරනවා. ඒ අනුව මං කැමතියි ලංකාව තුල කතක් නර්තනයේන් අලුත් වෙනසක් ඉදිරියේදී ඇති කරන්න.

සටහන   :  ශාලුක මදුශංක
ඡායාරුප : සුදේශ් මින්දද

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site