Home News Breaking දෙවන හදවත් බද්ධය සිදුකල තරුණිය මියගිය හේතුව මෙන්න

දෙවන හදවත් බද්ධය සිදුකල තරුණිය මියගිය හේතුව මෙන්න

37,866 views

මහනුවර මහ රෝහලේ දෙවන හදවත් බද්ධයට ලක්වූ සචිනි සෙව්වන්දි (19) තරුණිය ඊයේ (30දා) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ සැත්කමෙන් දින තුනකට පසු හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හෘද ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ රෝගයකින් පෙළුණු සචිනි පසුගිය මාර්තු මස (27දා) සිට මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මේ අතර පසුගියදා(20දා) ඇයට හදවතක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතව තිබුණද එය වැළකී ගියා.

ඉන් අනතුරුව පසුගිය (27දා) අලුයම ඇයට හදවතක් බද්ධ කළ අතර සැත්කම සාර්ථක බව වෛද්‍යවරු තරුණියගේ පියාට පවසා තිබෙනවා.

පෙනහලුවල රුධිර පීඩනය වැඩිවීමෙන් හෘදය අකර්මන්‍ය වීම මරණයට හේතුව ලෙස මරණ සහතිකයේ දක්වා තිබෙන බවයි සෙව්වන්දිගේ පියාවන මහේෂ් කුමාර සඳහන් කර සිටියේ.

මියගිය සෙව්වන්දිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන(04දා) පස්වරු 4.00 ට අලුත්ගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site