Home News Breaking දේශපාලන පක්ෂ රැසක් මැයි රැළි සහ පෙළපාලිවලට සූදානම්

දේශපාලන පක්ෂ රැසක් මැයි රැළි සහ පෙළපාලිවලට සූදානම්

291 views

මැයි දින සැමරුම වෙනුවෙන් දේශපාලන පක්ෂ ගණනාවක් තව පැය කිහිපයකින් සිය පෙළපාලි සහ මැයි රැළි ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා.

ඒ සඳහා අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර අවසන් බවයි දේශපාලන පක්ෂ නියෝජිතයන් පවසන්නේ.

ජාතික සමගියට කම්කරු ජවය යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි රැළිය පවත්වන්නේ මඩකලපුව චෙන්කලඩි මාවඩිවෙම්බු හිදීයි.

පස්වරු 2ට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මැයි රැලිය ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන්ගෙන් පිරිසක් අද පැවැත්වෙන එම පක්ෂයේ මැයි රැලියට සහභාගි වන බව සනාථ කළා.

ඩබ්ලිව්. ඩී . ජේ. සෙනවිරත්න, එස්. බී. දිසානායක සහ දයාසිරි ජයසේකර මැයි රැලියට සහභාගි වන බව ප්‍රකාශ කළ අතර චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක සඳහන් කළේ මංගල උත්සවයකට සහභාගි වීමට ඇති බැවින් තමන් මඩකලපුවේ පැවැත්වෙන පක්ෂ මැයි රැලියට සහභාගි නොවන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී අද මැයි රැලිය පවත්වන්නේ බදු බරට, පාවාදීමට, බැදුම්කර මංකොල්ලයට, ජාතික සම්පත් විකිණීමට සහ මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහි වෙමු යන්න තේමා කර ගනිමින්.

පස්වරු 3ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මැයි රැලිය ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූගමගේ කියා සිටියේ.

සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩ නගන ජනතාවාදී පාලනයක් යන්න තේමා කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ අද පස්වරුවේ කොළඹ බී. ආර්. සී. පිටියේදී මැයි රැලිය පවත්වනවා.

ඒ සඳහා සහභාගි වීමට බොරැල්ල කැම්බල් පිටියේ සිට පස්වරු 1ට පමණ පෙළපාලිය පිටත් වීම ආරම්භ කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ.

අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දිරිය මැයි රැලිය යන්න තේමා කරගනිමින් ජාතික හෙළ උරුමයේ මැයි රැලිය කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ වූ අතර, පිරිස එම ස්ථානයට පැමිණියේ කොළඹ මහජන පුස්තකාලය අසලින් ආරම්භ වූ පෙළපාලියකින්.

එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය නුවරඑළිය නගරයේදී ආරම්භ වී තිබෙනවා.

මේ අතර කම්කරු දින සැමරුමට සමගාමීව ත්‍රීරෝද රථ වෘත්තිකයන්ට සිදුවන අසාධාරණයන්ට සහ ප්‍රවාහන බලධාරීන්ට විරෝධය පළ කරමින් ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය අද උදෑසන නුගේගොඩ ගුවන් පාලම අසල විරෝධතාවයක නිරතවුණා.

එමෙන්ම තවත් ත්‍රීරෝද රථ වෘත්තිකයින් පිරිසක් අද මහනුවර නගරයේ විරෝධතාවක නිරත වූ අතර මහනුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ත්‍රිරෝද රථ සේවකයන් එක්ව සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site