Home News Breaking නවගත්තේගම දැරිය දූෂණය කළ පුද්ගලයා අත්අඩංගුවට

නවගත්තේගම දැරිය දූෂණය කළ පුද්ගලයා අත්අඩංගුවට

948 views

නවගත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් මැද්දෑව ප්‍රදේශයේදී සිය දැරිය මව සමඟ පාරේ ගමන් කරමින් සිටියදී එකවරම පැමිණි ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක පිරිසක් අදාළ දැරිය පැහැරගෙන පලාගොස් ඇති බවට සිය මව විසින් ඉකුත් 4 වන දින පොලීසියට කළ පැමිණිල්ලකට අනුව නවගත්තේගම පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ දැරිය රැගෙන ගිය බවට සැක කෙරෙන ලොරි රථය සහ දැරිය රැගෙන යාමට අනුබල දුන් තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්ණ කිරීම් වලදී සැකකාර පෙම්වතා සහ දැරිය සැඟව සිටින ප්‍රදේශය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සාලියවැව පොලිස් වසමේ රඹාවැව ප්‍රදේශයේදී අදාළ සැකකාර පෙම්වතා සහ දැරිය පොලීසිය විසින් ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී පොලීසිය වැඩිදුරටත් කල ප්‍රශ්ණ කිරීම් හමුවේ දැරිය පොලීසියට කියා ඇත්තේ 2016 වර්ෂයේදී තමන් 9 වන ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු සිදුකරන අවධියේ අමතර පංති යාම සදහා පියාගේ වැඩිමහල් සොහොයුරියගේ ගෙදර නැවතී සිට ඇති බවත් එහිදී මාමා විසින් දිනක් පාඩම් කරමින් සිටියදී බලහත්කාරයෙන්ම ඇයව බරපතල ලිංගික අපයෝජනයට ලක්කර පසුව ස්ත්‍රී දූෂණය සිදුකර ඇති බවත්, ඉන්පසු කිහිප වතාවක්ම මෙලෙස ඔහු විසින් ඇයව නිරන්තරයෙන්ම දූෂණයට ලක්කර ඇති බවයි.

පසුව පොලීසිය විසින් සැකකාර පෙම්වතා සහ (58) හැවිරිදි වියේ පසුවූ සැකකාර මාමා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙලෙස බරපතල ලෙස ස්ත්‍රී දූෂණයට ලක්ව ඇත්තේ නවගත්තේගම මැද්දෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක් වූ මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත පාසල් දැරියක් බවයි පරික්ෂණ පවත්වන නවගත්තේගම පොලීසිය සදහන් කලේ.

වින්දිත දැරිය අධිකරණ වෛද්‍ය පරික්ෂණ කටයුතු සඳහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site