Home News Breaking නව විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කිරීම අද සිට

නව විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කිරීම අද සිට

1,932 views

නව විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කිරීම අද සිට ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක ප්‍රකාශ කළේ, ‘සුහුරු කාඩ්පත’ ලෙස එය හඳුන්වන බව ය.

මේ අනුව පළමු අදියර යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ කළ, හැඳුනුම්පත අස්ථානගත වූ, සංශෝධනයට ලක් වූ හෝ අලුතින් ලබා ගන්නා පුද්ගලයින්ට අද සිට නව විද්‍යුත් හැඳුනුම්පත් ලබා දෙනු ඇති.

එය එක් දින සේවය මගින් පැවති මිල ගණන් යටතේ ලබා ගැනීමට අවස්ථාව උදා වන බව ද වියානි ගුණතිලක සඳහන් කළේ ය.

මෙරට සියලු පුරවැසියන් වෙනුවෙන් නව හැඳුනුම්පත නිකුත් කරනු ලබන්නේ, මෙහි දෙවන අදියර යටතේ 2018 වසරේ සිට ය.

දෙවන අදියරේදී ඊට ඇඟිලි සලකුණු සහ ඡායාරූපය ඇතුළත් ජීවමිතික දත්ත ඇතුළත් කෙරේ.

නව හැඳුනුම්පත ලැබීමෙන් පසු මැතිවරණවලදී ඡන්දය ලබා දීම, බැංකු කටයුතු, රියැදුරු බලපත්‍ර, ගමන් බලපත්‍ර, දෙස් විදෙස් රැකියා, අර්ථසාධක ප්‍රතිලාභ, රක්ෂණ, ඉඩම් හා දේපළ, විශ්‍රාම වැටුප් ආදී සේවාවන් ලබා ගැනීමේදී පුද්ගල අනන්‍යතා තොරතුරු නෛතික දත්ත හුවමාරු පද්ධතියක් හරහා සම්බන්ධ කිරීම තුළින් හැඳුනුම්පත නොමැති වුව ද තම සේවාවන් ලබා ගත හැකි වේ.

ආපදා වැනි හදිසි අවස්ථාවකදී හැඳුනුම්පත නොමැති වූව ද පුද්ගල අනන්‍යතාවය තහවුරු කළ හැකි පරිදි මෙම හැඳුනුම්පත සකස් කෙරේ.

ජාතික පුද්ගල නාම ලේඛනයක් විද්‍යුත් මාධ්‍ය දත්ත ගබඩාවක් ලෙස ස්ථාපිත කිරීමෙන් තම පවුලේ සාමාජිකයින්ගේ තොරතුරු අවශ්‍ය ඕනෑම විටකදී පිළිගත් ආයතන වෙත විශ්වසනීය ලෙස කඩිනමින් තහවුරු කර දීමට ද මෙමගින් අවස්ථාව සැලසෙනු ඇති.

මෙරට තුළ පළමු වරට 1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සම්මත වූයේ, 1968 වසරේ ජුනි 22 වන දා ය.

1971 වසරේදී ඊට අදාළ රෙගුලාසි පනවනු ලැබීමෙන් පසු, 1971 අප්‍රේල් 05 වන දා සිට පනත ක්‍රියාත්මක විණි.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ස්ථාපනය කළේ, 1971 වසරේ ඔක්තෝබර් පළමු වන දා ය.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත 1968 දී පනවනු ලැබුවත්, හැඳුනුම්පත් සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණ අවශ්‍යතා සපුරා ගැනීමට යම් කාලයක් ගත වීම හේතුවෙන් එය ක්‍රියාත්මක වීමට වසර කිහිපයක් ගත විය.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මුල්ම හැඳුනුම්පත නිකුත් කළේ, 1972 වසරේ සැප්තැම්බර් 14 වන දා ය.

පටලගත තාක්ෂණය යොදා ගනිමින් මිනිස් ශ්‍රමයෙන් කඩදාසි මත පදනම් වූ ක්‍රමවේදයක් ඔස්සේ නිකුත් කරනු ලැබූ එය, දැඩි ආරක්ෂිත හැඳුනුම්පතක් ලෙස එකල සැලකුවේ ය.

මුල් කාලයේ හැඳුනුම්පතට අලවා තිබූ ඡායාරූපය කළු සුදු වර්ණයෙන් යුක්ත විය.

1978 වර්ෂයේ සිට හැඳුනුම්පතේ අංකය යතුරු ලියනය කොට සටහන් කිරීම ආරම්භ විය.

පැවති කළු සුදු ඡායාරූපය වෙනුවට වර්ණ ඡායාරූපයක් හැඳුනුම්පතට ඇතුළත් කිරීම ආරම්භ වූයේ, 2005 වර්ෂයේ සිට ය.

මිනිස් ශ්‍රමයෙන් පමණක් සැකසූ හැඳුනුම්පතේ කැපී පෙනෙන වෙනසක් කරමින් 2014 වසරේ පෙබරවාරි මස 28 වන දා හැඳුනුම්පත් නව තාක්ෂණයෙන්, සිංහල හා දෙමළ යන ද්වී භාෂාවෙන් මුද්‍රණය කර නිකුත් කිරීම ආරම්භ විය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site