Home News Breaking නාමල් අත්අඩංගුවට ගනියි

නාමල් අත්අඩංගුවට ගනියි

SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු මහජන නියෝජිතයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

ඒ, පසුගිය 06 වැනිදා අධිකරණ නියෝග නොතකමින් හම්බන්තොටදී විරෝධතාවක් සංවිධානය කිරිමේ චෝදනාවට අදාළවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි උපාලි කොඩිකාර හා අජිත් ප්‍රසන්න යන අයට ප්‍රකාශයක් ලබාදීම සඳහා හම්බන්තොට පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

ඒ, අනුව ඔවුන් අද රාත්‍රි 7.30ට පමණ පොලීසියට පැමිණි අතර, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිත බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site