Home C Gossip නැදුන්ගමුවේ රාජා හස්තියා ඇත්තටම අසනීපයෙන් ද ? – මෙන්න ඇත්ත

නැදුන්ගමුවේ රාජා හස්තියා ඇත්තටම අසනීපයෙන් ද ? – මෙන්න ඇත්ත

SHARE

නොකඩවා වසර 10ක් මහනුවර ශ්‍රී දළදා පෙරහර කරඩුව වැඩම කරවන ලද නැදුන්ගමුවේ රාජා හස්තියා මෙවර පෙරහර සදහා සහභාගී නොවන බව වාර්තා වුණා.

ඒ පරිනත සෑම පිරිමි අලියෙකුට හෝ ඇතෙකුටම වසරකට වරක් ස්වභාවිකව ඇති වන ක්‍රියාවලියක් වන මද කිපීම හෙවත් කම්බුල් තෙමිමට රාජා මේ වනවිට පත්වී සිටින නිසා බවයි වාර්තා වන්නේ.

මද කිපිමට ලක්වන හස්තියෙක් ගේ ගතිගුණ විශාල වශයෙන් වෙනස්වීමකට ලක් වන අතර මේ නිසා අලි ඇතුන් දරුණු හා මුරණ්ඩු බවට පත්වනවා.

මද කිපීම පහසුවෙන් හදුනා ගත හැකි ලක්ෂණය වන්නේ ඇසට පිටුපසින් පිහිටා ඇති ග්‍රන්ථියකින් ශ්‍රාවයක් ගැලීමට ආරම්භ වීමයි.

මෙය ස්වභාවික සිදුවීමක් වන අතර අලියාගේ වයස සෞඛ්‍ය තත්වය මත මද කිපිමේ කාල සිමාව මාසයක සිට මාස හයක් වැනි කාල සීමාවක් දක්වා වෙනස් විය හැකියි.

සාමාන්‍යයෙන් නැදුන්ගමුවේ රාජා හස්තියා වසරේ මෙම කාලයේ මදකිපිමට ලක් නොවේ නමුත් මෙම වසරේ රාජාද ඇතුළුව බොහොමයක් අලි ඇතුන්ගේ මද කිපිමේ සමයේ වෙනස්කම් සිදු වී තිබෙනවා.

රාජාගේ සෙවනැල්ල බදු කොඩිතුවක්කු මාමා හෙවත් කළු මාමා අවධානම නොතකා රාජා සමගම රැදී සියලු අවශ්‍යතා සපුරමින් සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site