Home News Breaking නිතිවිරෝධී දුම්වැටි මෙරටට ගෙන ආ තිදෙනෙකුට දඩ

නිතිවිරෝධී දුම්වැටි මෙරටට ගෙන ආ තිදෙනෙකුට දඩ

174 views

නිතිවිරෝධී අන්දමින් දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ බවට වරද පිළිගත් පුද්ගලයින් තුන්දෙනෙකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය දඩ නියම කර තිබෙනවා.

ඔවුන් තුන්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන ලෙසයි මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය අද නියෝග කළේ.

අදාළ සැකකරුවන් වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් ගෙන ආ දුම්වැටි තොගය රාජසන්තක කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site