Home News Breaking නිධන් හෑරු 6 දෙනෙකුට වැඩ වරදියි

නිධන් හෑරු 6 දෙනෙකුට වැඩ වරදියි

123 views

හලාවත – ඉනිගොඩවෙල ප්‍රදේශයේ ගෙවත්තක ළිදක් කපන මුවාවෙන් නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන 06 දෙනෙකුව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (11) වැනිදා අළුයම මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් එක් අයෙකු මුන්දලම – විල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සෙසු පිරිස හලාවත මැරවල ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන තිබෙනවා.

මැරවල පදිංචි සැකකරුවන් අතර කට්ටඩියෙකුද සිටින බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

සැකකරුවන් සතුව තිබි ස්කෑනර් යන්ත්‍රයක්,සිතියමක්,මත් බුලත් තට්ටු කීපයක් සහ ජල මෝටර් 02 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හලාවත පොලීසියේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක කීර්ති ප්‍රේමතිලකගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක පතිරණ ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site