Home C Lifestyle නිරෝගී පිරිපුන් දිගු කෙස් කළඹක් ලබාගන්න හැටි මෙන්න

නිරෝගී පිරිපුන් දිගු කෙස් කළඹක් ලබාගන්න හැටි මෙන්න

1,394 views

කාන්තාවකට නිරෝගී පිරිපුන් දිගු කෙස් කළඹක් කියන්නේ ඇයට හිමිකර ගන්න පුළුවන් වටිනා දෙයක් නිසාම තමයි කාන්තාවන් බහුතරයක් තමන්ගේ කොණ්ඩය ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ.

කාන්තාවක් විදිහට ලස්සනට ඉන්න කැමති කෙනෙක් නම් ඔබ කැමතිම විදිහේ විවිධ විලාසිතා කරන්න පුළුවන් කොණ්ඩයක් ඔබ සකස් කර ගත යුතුමයි.

අපේ කොණ්ඩය ඝනව දිගුව වැඩුන නිරෝගී එකක් නම් ඔබට පුළුවන් ඕනෑම විලාසිතාවක් පහසුවෙන් වගේම ලස්සනට කරගන්න. කැමතිම කොණ්ඩ විලාසිතා ලස්සනට පහසුවෙන් කරගන්න පුළුවන් නිරෝගී ඝනව දිගට වැඩුන කොණ්ඩයක හිමිකරිනියක් වෙන්න අපි මොකද කරන්න ඕනේ මෙන්න මේ දේවල්.

1. ඔබේ ආහාර වේලට ප්‍රෝටීන් බහුලව එකතු කර ගන්න

ඔබේ කොණ්ඩයට අවශ්‍යම දෙයක් තමයි ප්‍රෝටීන් කියන්නේ. මේ නිසා ප්‍රෝටීන් බහුල ආහාර ඔබ දිනපතා ඔබේ ආහාර වේලට එක් කර ගන්නවා නම් එය ඔබේ කොණ්ඩයට ඉක්මනින් සහ නිරෝගීව වර්ධනය වෙන්න උදවුවක් වෙනවා. මේ නිසා දිනපතා ඔබේ ආහාර වේලට ප්‍රෝටීන් බහුල මාංශ, බිත්තර, මාළු, රටකජු වැනි දේවල් එකතු කර ගන්න.

2. කොණ්ඩයට නිතරම පිරිසිදුව තබාගන්න.

පිරිසිදුකම නිරෝගී භාවයට හේතුවක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. මේ වගේම තමයි අපේ කොණ්ඩයේ නිරෝගී භාවයට පිරිසිදුකම බලපානවා. මේ නිසා නිතරම උත්සහ කරන්න කොණ්ඩය පිරිසිදුව තබාගන්න. මේ සදහා ඔබ සතියකට තුන් වතාවක් පමණ කොණ්ඩය සේදීම ප්‍රමාණවත්.

3. ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන හොදම නිෂ්පාදන තෝරාගන්න

සබන් කොණ්ඩයට භාවිතා කිරීම නම් කිසිම අවස්ථාවක කරන්න එපා. මේ නිසා වෙන්නේ ඔබේ කොණ්ඩයට හානි සිදුවෙන එක. ඔබ අනිවාර්යෙන්ම තෝරාගන්න ඕනේ ඔබේ කොණ්ඩයට ගැළපෙන හොද shampoo වර්ගයක්. ඔබට අවශ්‍ය ඔබ කැමති විදිහේ කොන්ඩ විලාසිතා කරන්න පුළුවන් ඝන දිගු කොණ්ඩයක් නම්, ඒ සදහා වෙළදපොලේ තිබෙන හොද නිෂ්පාදනයක් තමයි Sunsilk Lusciously Thick & Long Shampoo මෙහි අඩංගු වෙන keratin yogurt මගින් ඔබේ කොණ්ඩයට දෙගුණයක ඝනකමක් ලබා දෙනවා. ඒ වගේම ඔබට පුළුවන් ශක්තිමත් දිගුව වැඩුණු කොන්ඩයකට හිමිකම් කියන්න.

3. කොණ්ඩයේ අගිස්ස කපන්න

අපි කොණ්ඩයේ අගිස්ස කපන එක අපේ කොණ්ඩය වැවෙන්න නම් හේතුවක් වෙන්නේ නැහැ. නමුත් ඒ නිසා ඔබේ කොණ්ඩයට හොද පෙනුමක් ලැබෙනවා. ඒ වගේම තමයි පැළුන අගිස් සහිත කොණ්ඩය කපා ඉවත් නොකිරීම නිසා ඒවා තවත් පැලෙනවා. මේ නිසා කොණ්ඩයේ නිරෝගී පෙනුම නැතිවෙලා යනවා. මේ නිසා සති 12 කට වරක් වත් කොණ්ඩයේ අගිස්ස කපා ඉවත් කරන්න.

4. හිස් කබල හොදින් සම්භාහනය කරන්න

හිස් කබල හොදින් සම්බාහනය කිරීම නිසා ඔබේ කෙස් ගස් මුලට හොද රුධිර සැපයුමක් ලැබෙනවා. මේ නිසා කෙස් ගස් ඝනව වගේම ශක්තිමත්ව ඉක්මණින් වර්ධනය වෙනවා. මේ නිසා පොල් තෙල් වැනි ස්භාවික තෙල් වර්ගයක් භාවිතා කර සතියකට වතාවක් හිස් කබල හොදින් සම්භාහනය කරන්න.

5. කොණ්ඩය තදින් පිටුපසට කර බදින්න එපා.

කොණ්ඩය තදින් පිටුපසට කර ගැටගැසීම නිසා ඔබේ කොණ්ඩය ඉක්මනින් කැඩී යාමට පුළුවන්. ඒ වගේම මේ නිසා කෙස් ගස් වල මුලටත් හානි සිදුවෙනවා. මේ නිසා නිතරම කොණ්ඩයට හානියක් නොවෙන්න කොණ්ඩය බදින්න. විශේෂයෙන් රාත්‍රී කාලයේදී ඔබේ කොණ්ඩය සැහැල්ලුවෙන් තබාගන්න.

6. කොණ්ඩය නිතර පීරන්න

කොණ්ඩය නිතර පීරීම නිසා අනවශ්‍ය ලෙස කොණ්ඩය ගැට ගැසීම පාලනය කරගන්න පුළුවන් වගේම හිස් කබලේ තිබෙන ස්භාවික තෙල් කොණ්ඩය පුරා තැවරීමද සිදුකර ගත හැකියි. ඒ වගේම කොණ්ඩය නිතර පීරීම නිසා හිස් කබලේ රුධිර සැපයුමත් සක්‍රියව සිදු වෙනවා. මේ නිසා සුදුසු පනාවකින් කොණ්ඩයට හානියක් නොවෙන ආකාරයට නිතරම කොණ්ඩය පීරන්න.

මේ ක්‍රම ටික අනුගමනය කරොත් නම් නිරෝගී දිගු ශක්තිමත් කොණ්ඩයක් හිමිකර ගන්න එක එච්චර අමාරු දෙයක් නොවෙයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා කැමති ඕනෑම විදිහක කොණ්ඩ විලාසිතාවක් ලස්සනට වගේම පහසුවෙන් කරන්න.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site