Home News Breaking නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය ගැන අද රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය ගැන අද රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

117 views

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා චීනය විසින් මහින්ද රාජපක්ෂට මුදල් ලබාදුන් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවක් මඟින් සිදුකරන ලද අනාවරණය පිළිබඳව මෙහිදි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

ඊට අමතරව හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ‍මෙහිදී අදහස් දැක්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර පසුගියදා එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මත්මිය ඊයේ (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී වුණා.

අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

කොළඹට පැමිණි වහාම තමා හමුවන ලෙසට අග්‍රාමාත්‍යවරයා සිදුකළ දැනුම්දීමකට අනුව මෙම හමුව සිදුව ඇති බව සඳහන්.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට එරෙහිව විමර්ශන සිදුකරන බව ඊයේ පාර්ලිමේන්තුවේදී ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site