Home News Breaking නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් – රන්ජන්ගෙන් යෝජනාවක්

නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් – රන්ජන්ගෙන් යෝජනාවක්

129 views

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පල වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ(02) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පවත්වනු ලැබුවා.

එහිදි අදාළ පුවත්පතේ පල වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මීළඟ පාර්ලිමේන්තු සතිය තුළ අදාළ විවාදය පැවැත්වීම සඳහා එහිදී එකඟතාව පල වු බව පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර අනිද්දා(05) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විගනන පනත සම්බන්ධයෙන් ද ඊයේ පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සාකච්ඡා වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site