Home News Breaking නිවෙස් වලට නොදන්වා ගිය පාසල් සිසුන් සිවුදෙනෙකු අඩි 150 ක් ප්‍රපාතයකට පෙරලෙයි

නිවෙස් වලට නොදන්වා ගිය පාසල් සිසුන් සිවුදෙනෙකු අඩි 150 ක් ප්‍රපාතයකට පෙරලෙයි

SHARE

බදුල්ල මහියංගනය මාර්ගයේ තල්දෙන 6 කනුව ප්‍රදේශයේදී අද (15) අලුයම 1 .30 පමණ මෝටර් රථයක් අඩි 150 ක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවු අනතුරකින් එහි ගමන් කළ සිවුදෙනාම තුවල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇතැයි බදුල්ල පොලිසිය සඳහන් කරනවා.

තුවාලකරුවෝ හසලක පදිංචි අවුරුදු 18, 16,සහ 14 යන වයස් කාණ්ඩවලට අයත් පාසැල් සිසුන් බවත් මෝටර් රථය පැදවු 18 හැවිරිදි තරුණයාටද රියදුරු බලපතක් නොමැති බවත් පොලීසිය වැඩි දුරටත් කියා සිටියා.

අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු දෙමාපියන් ඥාතියෙකුගේ මළ ගෙදරට ගිය අවස්ථාවේ 18 හැවිරිදි තුවාලකරු නිවසේ තිබු වාහනය රැගෙන දෙමාපියන්ට නොදන්වා මිතුරන් තිදෙනකු සමඟ හසලක සිට බදුල්ලට පැමිණ ඇතැයි විමර්ශනවලදි අනාවරණය වු බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් දුන්හිද දියඇල්ල නරඹා බදුල්ල නගරයට ද පැමිණ ආපසු යන අතරතුරදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

අඩි 150 ක් ප්‍රපාතයට පෙරලුන මෝටර් රථය ගසකට හිරවි නතරවී ඇති අතර එසේ නොවූයෙනම් ඊට පහළින් පිහිටි බදුලුඔයට වැටීමට ඉඩ තිබු බවද පොලිසිය සදහන් කරනවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Comments

comments