Home News Breaking නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන ගිය රත්‍රං සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන ගිය රත්‍රං සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

159 views

ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගිය රත්‍රං කිලෝ ග්‍රෑම් 32කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි හි පැය 24ක කාලයක් තුළ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධීව රැගෙන එන ලද රත්‍රං සමඟ මෙම සැකකරුවන් ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වනවා.

අදාළ රත්‍රන් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 10කට අධික බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් රත්‍රං රැගෙනයාමේ මහාපරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන අතර තමිල්නාඩු වෙරලබඩ ප්‍රදේශ වෙත රැගෙන ඒමෙන් අනතුරුව එම රත්‍රං අළෙවිය සඳහා චෙන්නායි නුවරට ප්‍රවාහනය කෙරෙන බව ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site