Home News Politics පක්ෂයේ අභිමානය සහ ගෞරවය රැකදෙමින් ඉල්ලා අස්වෙන්නැයි රවීගෙන් ඉල්ලුවේ කවුද?

පක්ෂයේ අභිමානය සහ ගෞරවය රැකදෙමින් ඉල්ලා අස්වෙන්නැයි රවීගෙන් ඉල්ලුවේ කවුද?

SHARE

මහ බැංකු බැඳුම්කර ජනපති කොමිසමේදී නම කියවුණ හිටපු මුදල් ඇමැති හා වර්තමාන විදේශ කටයුතු ඇමැති රවි කරුණානායකට විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කර තිබෙනවා.

පසුගියදා ජනපති කොමිසමේදී හෙළි වූයේ රවි කරුණානායක ඇමැතිවරයා කුලියට ගත් සුපිරි නිවස සඳහා කුලී මුදල ගෙවා ඇත්තේ බැඳුම්කර චෝදනා ලැබ ඇති අර්ජුන් ඇලෝෂියස් බවයි.

කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන ලෙස එජාප මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ සදහා රවි කරුණානායක ජනාධිපති කොමිසම ඉදිරියේ ලබන 02 දා සාක්ෂි දීමෙන් පසු තමා හමුවීමට අවස්ථාවක් දෙන බව අගමැතිවරයා මෙම මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒකාබද්ධ විපක්ෂය විසින් රවි කරුණානායකට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු පිරිසක් ද සහයෝගය දීමට තීරණය කර ඇති බවයි.

විශ්වාස භංග යෝජනාව අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කරන බැවින් ඊට පෙර ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්ෂයේ අභිමානයටද ගෞරවයක් බව එම කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු සති අන්ත පුවත් පතකටද ප්‍රකාශකර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site