Home News Breaking පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ

569 views

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලීමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්හන චමිල් ප්‍රේමතිලක සඳහන් කළේ, වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව ය.

මාස කිහිපයක් පුරා පැවති අධික වියළි කාලගුණ තත්ත්වය නිමා කරමින් ඊයේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇඳ හැලුණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ තවදුරටත් නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය.

මේ අතර ඊයේ සවස් කාලය වන විට බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ
පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විවිධ ස්ථානවලට මිලීමීටර් 100 දක්වා තද වැසි ඇද හැලුණ ද මේ වන විට තත්ත්වය පහව ගොස් තිබේනවා .

ඊයේ දිනයේ පැවති සුළං තත්ත්වය හේතුවෙන් හැටන්, බෑන්බාර් ප්‍රදේශයේ නිවාස 6කට අලාභ හානි සිදුව තිබේ.

මේ අතර පසුගිය දින 2ක කාලය තුළ පැවති වර්ෂාපතනය හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 114,600ක් ලෙස ඉහළ යාමත් සමග ඊයේ දිනයේදී වාන් දොරටු 4ක් විවෘත කෙරුණු අතර මේ වන විට එය වාන් දොරටු 8ක් දක්වා ඉහළ නංවා තිබේ.

පරාක්‍රම සමුද්‍රයේ වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග සඳහන් කළේ, මේ වන විට පරාක්‍රම සමුද්‍රයෙන් මුදාහරින ජල ධාරිතාව තත්පරයට ඝන අඩි 1380ක් බව ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site