Home News Breaking පවුලක් බේරා ගැ‍නීමට ගොස් මියගිය පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු අද

පවුලක් බේරා ගැ‍නීමට ගොස් මියගිය පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු අද

1,071 views

ජලයෙන් කොටුවී සිටි පවුලක් බේරා ගැ‍නීමට යාමේදී සැඩ පහරකට හසුවී මිය ගිය පොලිස් සැරයන් ඩිලාන් සම්පත්ගේ දේහය මාදම්පේ පොලීසියට ගෙන ගෙනවිත් තිබෙනවා.

පසුගිය 25 වැනිදා දහවල් මෙම අනතුර සිදුවු අතර, ඊයේ(27) රාත්‍රියේ දේහය පොලීසියට බාර දී තිබුණා.

මාදම්පේ – ගල්මුරුව ප්‍රදේශයේ ජලයෙන් කොටුවී සිටි දරු පවුලක් ගලවා ගැනීම සඳහා යමින් සිටියදී පොලිස් නිලධාරියා සැඩ පහරකට හසුවී ජලයේ ගසා ගෙන ගොස් තිබුණා.

එදින සිට ඔහු සොයා නාවුක,යුද හමුදාව,පොලීසිය සහ ගම්වාසීන් එක්ව මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළා.

ඊයේ පෙරවරුවේ අනතුර සිදුවූ ස්ථානයට මීටර් 200 ක් පමණ නුදුරින් තිබී නාවුක හමුදාව විසින් මළ සිරුර සොයා ගත්තා.

හලාවත මහා රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර මාදම්පේ පොලීසිය වෙත දී තිබෙනවා.

එහිදී මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කර ඇති අතර, එම අවස්ථාවට පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද,හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී සුරන්ජිත් කුමාරපේලි යන අයද එක්ව සිටියා.

එම රාජ්‍ය නිලධාරීන්ද දේහය අවසන් ගෞරව දක්වා තිබෙනවා.

මාදම්පේ පොලීසියේ දේහය තැම්පත් කර තිබෙන අවස්ථාවේදී විශාල පිරිසක් පැමිණ අවසන් ගෞරව දක්වා ඇත.

අනතුරුව රිය පෙරහැරකින් දේහය ගිරිඋල්ල – මල්ගමුව ප්‍රදේශය බලා රැගෙන ගොස් තිබෙනවා.

දේහය රැගෙන යන විට අනතුර සිදුවූ ගල්මුරුව ප්‍රදේශයේ ජනතාව එම ස්ථානයේ රැදී සිට මිය ගිය පොලිස් නිලධාරියාට අවසන් ගෞරව දක්වා තිබුණා.

අවසන් කටයුතු අද(28) වැනිදා සවස ගිරිඋල්ල – මල්ගමුවේදී සිදු කිරීමට නියමිතව ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site