Home News Breaking පසුපසට ධාවනය වූ දුම්රියක්, අනතුරකින් වළකාගනියි

පසුපසට ධාවනය වූ දුම්රියක්, අනතුරකින් වළකාගනියි

585 views

නාවලපිටියේ සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණය දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක අද (10) අලුයම ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය පසුපසට ධාවනය වී තිබෙනවා.

එම දුම්රියේ තිරිංග පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බව වාර්තා වනවා.

මේ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ එහි ආරක්ෂක නිලධාරීන් විසින් පසුපසට ගමන් කරමින් තිබූ දුම්රිය නවතා ගැනීමට සමත්ව තිබෙනවා.

එම දුම්රිය කාර්මික දෝෂයට ලක්වන අවස්ථාවේ එහි ඩීසල් ලිටර් එකොළොස් දහස් හයසීයක් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.

කාර්මික දෝෂයට ලක් වූ එම දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය ඉන්ජිනේරු අංශයේ නිලධාරීන් කටයුතු කර ඇති බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site