Home News Breaking පහනකින් නිවසක් ගිනි ගෙන විනාශ වූ හැටි

පහනකින් නිවසක් ගිනි ගෙන විනාශ වූ හැටි

423 views

බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල්ඩි වතුයායේ වතු නිවසක හටගත් ගින්නකින් එම නිවස සමිපුර්ණයෙන්ම විනාශවී ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

වතුයායේ එල්බොඩ වත්ත ඉහල කොටසේ අද (21) උදෑසන 7.00 ට පමණ ගින්න හටගෙන තිබෙනවා.

සෙසු වතු නිවාස වලට ගින්න පැතිර යෑම වතුකමිකරුවන් විසින් පාලනය කර තිබෙන අතර ගින්නෙන් එම නිවසට හානි සිදුවි ඇති අතර එම නිවසේ පදිංචි වතුකමිකරුවන්ගේ පෞද්ගලික බඩු භාහිරාදිය විනාශ වි ඇති බවටයි වාර්තා වන්නේ.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර ගින්නෙන් සිදුවු අලාභයද මෙතෙක් තක්සේරු කර නැහැ.

පත්තු කළ පහනක දැල්ල ඇවිලි යෑමෙන් මෙම ගින්න පැතිර ගොස් ඇති බවටයි දැනට කරන ලද පරික්‍ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධව බගවන්තලාව පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site