Home News Breaking ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

873 views

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (18) දිනයේදීත් මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක් පමණ වූ තද වැසි ඇතිවිය හැකි අතර, එම අවස්ථාවන්වලදී අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳවද අවධානයෙන් සිටින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අධික වැසි හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 03 ක් ඊයේ රාත්‍රියේ විවෘත කිරීමට පියවර ගෙන තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site