Home News Breaking ප්‍රවීන ගායිකා නොයෙලින් ලියනගේ අභාවප්‍රාප්තවෙයි

ප්‍රවීන ගායිකා නොයෙලින් ලියනගේ අභාවප්‍රාප්තවෙයි

177 views

ගුවන් විදුලියේ ළමා වැඩසටහන්වල ආරම්භක ගායිකාවක වූ නොයෙලින් ලියනගේ අභාවප්‍රාප්තවී තිබෙනවා.

ළමා පිටිය , ළමා මණ්ඩපය වැනි ගුවන් විදුලි වැඩසටහන් රැසකට නොයෙලින් ලියනගේ සිය දායකත්වය ලබාදුන්නා.

ළමා පිටියේ තත් තත් තාරපැටියා , සීතල සුළං කැරැල්ලේ යන ගීත ගායනා කළේ ඒ මහත්මියයි. එමෙන්ම චිත්‍රපට රැසකට ද ඇය අත්වැල් ගායනයෙන් දායකවී තිබෙනවා. ධීවරයෝ , අල්ලපුගෙදර , සැකය යන චිත්‍රපට ඒ අතර වනවා.

අයිටීඑන් සංහිඳ සහ හදබැඳි ගී වැඩසටහන් වලට ද ඇය දායක වුණා.

අභාවප්‍රාප්ත නොයෙලින් ලියනගේ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site