Home News Breaking පාර්ලිමේන්තුවේ ඒකාබද්ධයට හිමි තැන ගැන කථානායක දැනුවත් කරයි

පාර්ලිමේන්තුවේ ඒකාබද්ධයට හිමි තැන ගැන කථානායක දැනුවත් කරයි

105 views

ඒකාබද්ධ විපක්ෂය ලෙස ආණ්ඩුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා අවශ්‍ය මුලික සාකච්ඡා මේ වන විටත් අවසන් කර ඇති බවයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම අදහස් පල කළේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ දී හිමිවිය යුතු වරප්‍රසාද සම්බන්ධයෙන් අද(03) දිනයේ දී කතානායකවරයා දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය මේ වන විට මන්ත්‍රීවරුන් 70 කගෙන් සමන්විත වන බැවින් ඒ පිළිබඳව කතානායකවරයා දැනුවත් කරන බවයි.

මේ අතර පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 16 දෙනා ද ඊයේ(02) දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ප්‍රථම වරට එක් වුනා.

මින් ඉදිරියට තමන් ඇතුළු කණ්ඩායම ද ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කළේ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ඩිලාන් පෙරේරා සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් දෙදෙනා ද මාධ්‍ය වෙත අදහස් පල කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site