Home News Breaking පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම සුදුසුයි – ජනපති කියයි

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම සුදුසුයි – ජනපති කියයි

SHARE

ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට අරලියගහ මන්දිරයට ගොස් සිටිනවා.

මෙහිදී පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් පසු විපරමක් මෙන්ම ආණ්ඩුව ඉදිරියේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම අද(13) පස්වරු 3ට සහ පස්වරු 5ට ද තවත් සාකච්ඡා දෙකක් පැවැත්වීමට නියමිත බව සඳහන් වන අතර, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සැලකිල්ලට ගෙන තීරණයක් ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ඊයේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර, ජනාධිපති නිළ නිවසේ ඊයේ(12) රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදියි. පැය දෙකකට අධික කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වුණු බව සඳහන්. ජනතා බලාපොරොත්තු සහ මැතිවරණ ප්‍රතිඵල අනුව තමාට තීරණයක් ගැනීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර, ඊට ප්‍රථම තීරණයක් ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ.

එමෙන්ම, කථානායක කරු ජයසූරිය, අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ආණ්ඩුව භාර ගන්නා ලෙස එම සාකච්ඡාවේදී යෝජනාවක් ද ඉදිරිපත් වී ඇති බව සඳහන්. කෙසේ නමුත්, ඒ පිළිබදව එකඟත්වයකින් තොරව සාකච්ඡාව අවසන් වී තිබෙනවා. ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙන්නේ ජනතාව තීන්දුවකට එළඹී ඇති බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම සුදුසු විකල්පයක් බවයි. ඊට පෙර තීරණයකට එළඹෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

එහෙත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්ට, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බව අගමැතිවරයාගේ පාර්ශවයෙන් දැනුම් දී තිබෙනවා.මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අකමැත්ත පළ කළ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියා. එමෙන්ම, ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද(13) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Comments

comments