Home News Breaking පාසල් තුන්වන වාරය සැප්තැම්බර් 21 දා ආරම්භ වන පාසල් මෙන්න

පාසල් තුන්වන වාරය සැප්තැම්බර් 21 දා ආරම්භ වන පාසල් මෙන්න

SHARE

මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම වෙනුවෙන් වැඩි පුර කාලයක් වසා තැබෙන පාසල් වල නාම ලේඛනය විභාග දෙපාර්තමේන්තුව අද (03) නිල වශයෙන් ප‍්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.

අගෝස්තු නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ සැප්තැම්බර් 06 වනදායි. එහෙත් උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම සඳහා යොදා ගැනෙන පාසල් 05ක් සැප්තැම්බර් 20 වනදා දක්වා තවදුරටත් වසා තැබෙනු ඇති.

එලෙස වසා තැබෙන පාසල් වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය, මහනුවර විහාරමහාදේවී බාලිකා විද්‍යාලය, මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය සහ මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලයයි. එම පාසල් තුන්වන වාරය සඳහා සැප්තැම්බර් 21 වනදා විවෘත කෙරෙනු ඇති.

තවත් පාසල් 22ක් සැප්තැම්බර් 07 වනදා සිට සැප්තැම්බර් 20 වනදා දක්වා කොටසක් වසා තැබෙනවා. එම පාසල්වල නාම ලේඛනය පහතින්.

විශාඛා විද්‍යාලය – කොළඹ 05,
නාලන්දා විද්‍යාලය – කොළඹ 10,
වේලාපුර මහා විද්‍යාලය – කළුතර,
ශන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලය – මීගමුව,
බණ්ඩාරනායක විද්‍යාලය – ගම්පහ,
රත්නාවලී බාලිකා විද්‍යාලය – ගම්පහ,
ෆර්ගසන් උසස් විද්‍යාලය – රත්නපුර,
මලියදේව බාලිකා විද්‍යාලය – කුරුණෑගල,
මලියදේව විද්‍යාලය – කුරුණෑගල,
ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය – කෑගල්ල,
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය- අනුරාධපුරය,
රාජකීය මධ්‍ය මහා විද්‍යාලය – පොළොන්නරුව,
විද්‍යාලෝක විද්‍යාලය – ගාල්ල,
ශන්ත තෝමස් විද්‍යාලය – මාතර,
හාලිඇළ මහා විද්‍යාලය – හාලිඇළ,
ශාන්ත ජෝශප් විද්‍යාලය – බණ්ඩාරවෙල,
වෙස්ලි විද්‍යාලය -කල්මුණේ,
වින්සන්ට් උසස් බාලිකා මහා විද්‍යාලය – මඩකලපුව,
වවුනියා දෙමළ මධ්‍ය මහා විද්‍යාලය – වවුනියාව,
මධ්‍ය මහා විද්‍යාලය – යාපනය

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site