Home News Breaking පාසල් නිල ඇඳුමටත් අභියෝගකල රටේ ප්‍රබලයෙක් නිසා නිල ඇඳුම වෙනස්වන ලකුණු තීරණය...

පාසල් නිල ඇඳුමටත් අභියෝගකල රටේ ප්‍රබලයෙක් නිසා නිල ඇඳුම වෙනස්වන ලකුණු තීරණය විදුහල්පතිවරුන්ට

SHARE

මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා පාසල් සිසුන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට අදාළ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබෙනවා.

පාසල් සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ රේණුකා පීරිස් ප්‍රකාශ කළේ, මේ යටතේ සිසුන්ට ශරීරය ආවරණය වන පරිදි දිග කලිසමක් සහ ටීෂර්ටයක් හෝ අත්දිග කමිසයක් භාවිත කළ හැකි බවත් ඇඳුමේ වර්ණය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා තිබෙන බවත්ය.

මීට අමතරව පැඟිරි තෙල් හෝ මදුරු විකර්ශක සංයෝග අඩංගු ද්‍රව්‍ය සිරුරේ ආලේප කිරීම මගින් මදුරුවන්ගෙන් සිදුවන බලපෑම අවම කරගන්නැයි සිසුන් දැනුවත් කරන ලෙස ද විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

පන්ති කාමර තුළ එවැනි ද්‍රව්‍ය යොදා පහන් දැල්වීම හෝ පැඟිරි ස්වල්පයක් සිරුරේ ආලේප කිරීම පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීම ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ උපදෙස් මාලාවට ඇතුළත්.

වසරේ ගතවූ කාලසීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 90,865 දෙනෙකු සහ මරණ 250 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බවත් ඉන් 30% ක් පාසල් සිසුන් වන අතර බහුතරයක් සිසුවියන් බව සදහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site