Home News Breaking පාසල් ශිෂ්‍යාවක් දුෂණය කළේ යැයි සැකපිට 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

පාසල් ශිෂ්‍යාවක් දුෂණය කළේ යැයි සැකපිට 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

948 views

ගිරාඳුරුකෝට්ටේ, ගිරාලගොල්ල විදුහලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවක් දුෂණය කළේ යැයි සැකපිට 18 හැවිරිදි තරුණයෙක් අද(03) අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ට පොලීසිය පවසනවා.

මෙම ශිෂ්‍යාව එදින පාසැල් නොගිය බව ඇය සමඟ පාසැල් යන ඥාති ශිෂ්‍යාවක් විසින් දෙමාපියන්ට දැන්වීමෙන් පසු සිද්ධියට මුහුණ පෑ ශිෂ්‍යාවගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

ප්‍රශ්න කිරිමේ දි ඇය පවසා ඇත්තේ සැකකරු තමා ත්‍රීරෝද රථයකට නංවාගෙන ඇගේ නිවසේ සිට කිලෝමීටර එකහමාරක පමණ දුරින් හුදකලාව පිහිටි පාලු නිවසක් වෙත රැගෙන ගොස් මෙම අපරාධය සිදුකළ බව යැයි පොලිසිය සඳහන් කරනවා..

මෙම දැරියගේ පියා මිය‍ගොස් ඇති අතර මව සහ සහෝදරයෙක් සමඟ ඇය ජීවත් වන බවද විමර්ශනවලදී අනාවරණ වු බව පොලීසිය පවසනවා.

දැරිය වෛද්‍ය පරික්ෂණයකට යොමු කරන බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය සඳහන් කරනවා.

දැරිය රැගෙන ගිය බව කියන ත්‍රීරෝද රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර හා සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ උපදෙස් මත ගිරාඳුරුකෝට්ට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් අංගම්මනගේ මෙහයවීම යටතේ ගිරාඳුරුකෝට්ට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site