Home News Breaking පාළු ළිඳකින් අලි පැටවුන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

පාළු ළිඳකින් අලි පැටවුන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

201 views

වවුනියාව කල්ලිකුලම් ප්‍රදේශයේ පැරණි පාළු ළිදකට වැටී මියගොස් සිටි වන අලි පැටවුන් දෙදෙනෙකුගේ මළ සිරුරු ප්‍රදේශයේ පිරිසක් විසින් ඊයේ (04) සොයා ගෙන තිබෙනවා.

මෙම අලිපැටවුන් දෙදෙනාගේ මළ සිරුරු පරීක්ෂා කළ වවුනියාවේ වනජීවී නිලධාරීන් ප්‍රකාශ කොට ඇත්තේ මෙම අලි පටවුන් දෙදෙනා ලිදට වැටී ඇත්තේ මීට මාස එකහමාරකට පමණ කාලයකට ඉහතදී බවයි.

වනජීවී නිලධාරීන් සැකකරන්නේ වතුර බීම සදහා පැමිණි මෙම අලි පැටවුන් දෙදෙනා ළිදට වැටෙන්නට ඇති බවයි.

අලි පැටවුන් දෙදෙනා ළිදට වැටීම ගැන කිසිවෙකුත් තොරතුරු නොදන්නා නිසා ඔවුන් දෙදෙනා ළිද තුලම මිය යන්නට ඇතැයිද වනජීවී නිලධාරීන් විශ්වාස කරනවා.

අලි පැටවුන් දෙදෙනා ලිදෙන් ගොඩ ගෙන ඒ පිළිබදව පරීක්ෂණයක් පවත්වා අලි පැටවුන් දෙදෙනාගේ මළ සිරුරු මිහිදන් කිරීමට වන ජීවී නිලධාරීන් බලාපොරොත්තු වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site