Home News Breaking පැරණි පෙම්වතියගේ වීඩියෝවක් ප්‍රසිද්ධ කරන්න හැදු CD අලෙවිකරුවෙකුට වැඩ වරදියි

පැරණි පෙම්වතියගේ වීඩියෝවක් ප්‍රසිද්ධ කරන්න හැදු CD අලෙවිකරුවෙකුට වැඩ වරදියි

894 views

සිය පැරණි පෙම්වතිය ඇසුරු කරන සමයේදී පටිගත කළ වීඩියෝවක් ප්‍රසිද්ධ කරන බව කියමින් වෙන්නප්පුවේ තරුණියකගෙන් කප්පම් මුදල් ලබා ගත් මිගමුවේ තරුණ සැමියෙකු රහස් පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔහු තම පියාද සමඟ මීගමුවේ වීඩියෝ තැටි අලෙවි හලක් පවත්වාගෙන යන්නෙකු බවයි වාර්තා වන්නේ. ඔහු මීට මාස 4 කට පෙර විවාහ වූ අයෙකු වන අතර තම යුග දිවියේ මතු වූ මුදල් අවශ්‍යතාවක් මත පැරණි පෙම්වතියකගේ විඩියෝ දර්ශනයකින් මෙලෙස මුදල් ඉපැයීමට උත්සාහ කොට ඇති බව සඳහන්.

මෙම සිද්ධිය ඔස්සේ කරුණු විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එම විඩියෝ අලෙවි සැලටම පැමිණ මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් පවත්වාගෙන ගිය විඩියෝ අලෙවි සැල ද විශේෂ පරික්ෂාවකට ලක් කොට තිබෙනවා.

මෙම තැනැත්තා මීට පෙරද මෙවැනි ක්‍රම මගින් කප්පම් ලබා ගත් අයෙකුද යන්න පිළිබඳ විමසා බැලෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site