Home News Breaking පුංචි ආණ්ඩුවල බහුතර බලයට ප්‍රධාන පක්ෂ රහස්‌ සාකච්ඡා, ඡන්ද ප්‍රතිඵලයෙන් පසු අර්බුද...

පුංචි ආණ්ඩුවල බහුතර බලයට ප්‍රධාන පක්ෂ රහස්‌ සාකච්ඡා, ඡන්ද ප්‍රතිඵලයෙන් පසු අර්බුද රැසක්

1,916 views

පළාත් පාලන ආයතන 340ක් සඳහා පැවැති පළාත් පාලන මැතිවරණයේ බහුතර පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ( පොහොට්ටුවට) හිමිව තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන 250කය අධික ප්‍රමාණයක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විසින් ජයග්‍රහණය කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ බහුතර බලයක්‌ හිමි නොවන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්‌ෂ අතර අභ්‍යන්තර නිල නොවන මට්‌ටමින් සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති බවයි.

නව මැතිවරණ ක්‍රමයට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලයක්‌ ලබා ගැනීමට අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයෙන් සියයට 55 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගත යුතුව තිබෙනවා.

බහුතර බලයක්‌ නැති ආයතනවල මධ්‍යම ආණ්‌ඩුව මෙන් ශ්‍රී.ල.නි.ප.යත් සමග එක්‌ව බහුතර බලයක්‌ පිහිටුවා ගත යුතු බවට එ.ජා.ප.යේ මතය වී ඇති අතර ඒකාබද්ධ විපක්‌ෂය සමග එක්‌ව බහුතර බලයක්‌ ඇති කරගත යුතු බවට ශ්‍රී.ල.නි.ප.යේ මතය වී ඇතැයි ද වාර්තා වනවා.

කෙසේ වෙතත් අද (11) සියලු මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් වීමෙන් පසුව නිල වශයෙන් පක්‌ෂ අතර සාකච්ඡා සිදු කිරීමට සැලසුම් කර ඇති බවද එම ආරංචි මාර්ග පවසනවා.

බහුතර බලයක්‌ ගොඩනැඟීමට පැවැති සාකච්ඡාවලදී යම් යම් පක්‌ෂ එකඟ වී ඇතත් එම ආයතනවල නගරාධිපති හෝ සභාපති ධූරයන් ලබාදීම පිළිබඳව එකඟතාවට පැමිණීමට මෙතෙක්‌ කිසිවකුට නොහැකි වී ඇතැයි ද වාර්තාවනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site