Home News Breaking පුත්තලමේදී ජාවාරම්කරුවන් හා STF අතර ගැටුමක්

පුත්තලමේදී ජාවාරම්කරුවන් හා STF අතර ගැටුමක්

732 views

පුත්තලම මී ඔය ප්‍රදේශයේ නීති විරෝධි වැලි කැණීම් හා ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ හදිසි වැටලීමකදී පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයක් නැවැත්වීමට ගත් උත්සාහයේදී ලොරි රථයට යට වී විශේෂ කාර්ය බලකා සෙබළෙක් තුවාල ලැබා තිබෙනවා.

මේ අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීමකින් ලොරි රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ බවත් පුත්තලම පොලීසිය සඳහන් කළා.

පුත්තලම පොලීසියට ලද තොරතුරක් මත අද අලුයම 02ට පමණ මෙම වැටලීම සිදුකර තිබෙනවා. මෙහිදී තුවාල ලැබූ ලොරි රථයේ සිටි පුද්ගලයන් දෙදෙනා හා නිලධාරියා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site