Home News Breaking “පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අයට මොලේ අමාරුවක් ” රාජිත දුන් පිළිතුර මෙන්න

“පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අයට මොලේ අමාරුවක් ” රාජිත දුන් පිළිතුර මෙන්න

SHARE

රජයට පවරාගනු ලැබූ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපතිවරයා පත්කරන්නේත්, අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන්නේත් තමන් විසින් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රජයට පවරා ගැනීමෙන් පසු තවදුරටත් සභාපති ලෙස නෙවිල් ප්‍රනාන්දුට කටයුතු කළ නොහැකි බවත් නෙවිල් ප්‍රනාන්දු විසින් මෙම රෝහල නොමිලේම රජයට පැවරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට උහුලාගනු නොහැකිව කතා කියන බවයි.

වසර 10ක බදු පදනම මත රජය විසින් මෙම රෝහල පවරා ගත් බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නඟන චෝදනා සම්බන්ධයෙන් විමසන ලදුව අමාත්‍යවරයා කියා සිටියේ එහෙම චෝදනා නඟන අයගේ මොළය අරන් මානසික රෝහලකට යවා පරීක්ෂා කරවා ගත යුතු බවයි.

මේ ලෝකයේ නැති ධර්මයක් ගැන දෙසමින් යන ඔවුන් මානසික රෝගීන් බව අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් කියා සිටියා.

ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOU) යනුවෙන් අද පිහිටුවා ගනු ලැබූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිටුපස සිටින්නේ අමාත්‍යවරයා බවට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා කියා සිටියේ තමාට සංගම් හදන්න හෝ කඩන්නට හැකියාවක් නොමැති බවයි.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site