Home News Sports පොදුරාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙලට ලංකාවට සහභාගී වෙන්න බැරිවෙයිද?

පොදුරාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙලට ලංකාවට සහභාගී වෙන්න බැරිවෙයිද?

SHARE

ලබන වසරේ ඔස්‌ට්‍රේලියාවේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වීමට නියමිත මලල ක්‍රීඩා කණ්‌ඩායමට අදාළ නාම ලේඛනයක්‌ එම ක්‍රීඩා උළෙලේ සංවිධායකයන්ට මේ වන විට යොමු කර ඇතත් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුරුද යන්න තමන් හෝ තම සාමාජිකයන් කිසිවෙක්‌ නොදන්නා බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ජාතික තේරීම් කමිටුවේ සභාපති විමලසේන පෙරේරා පවසනවා.

තමන්ට ලැබුණු තොරතුරු මත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් එම ක්‍රීඩා උළෙල සංවිධායකවරුන්ගේ ඉල්ලීම පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනකුගේ නාම ලේඛනයක්‌ මෙසේ එම ක්‍රීඩා සංවිධායක මණ්‌ඩලය වෙත යොමු කළද මලල ක්‍රීඩා ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ඒ පිළිබඳ තමන්ට කිසිවක්‌ දැනුම් දුන්නේ නැති බව ඔහු පැවසුවා.

“මම දන්නෙ නෑ ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගත්තෙ කොහොමද කියලා. 2017 වසරේදී ඉහළ දක්‌ෂතා දැක්‌වූ කට්‌ටියගේ නාම ලේඛනයක්‌ යෑව්වා කියලා තමයි කියන්නෙ. නමුත් මාස හතර පහකින් ජාතික මට්‌ටමේ තරගාවලියක්‌ නොතියා පරිසාධන මට්‌ටම තේරීමේ තරගවත් නොතියා එහෙම කරන්නෙ කොහොමද කියලා මම නම් දන්නෙ නෑ. මම නම් කියන්නෙ සාක්‌ ගේම් එකවත් දිනන්න බැරි අය කොමන්වෙල්ත් යවන එක අපරාධයක්‌”

මේ අතර ශ්‍රී ලංකා ඔලිම්පික්‌ කමිටුවේ සභාපති මැක්‌ස්‌වෙල් ද සිල්වා ප්‍රකාශ කර සිටියේ දැනට පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙල නියෝජනය සඳහා අදාළ පරිසාධන මට්‌ටම සම්පූර්ණ කර තරගාවලිය නියෝජනය කිරීම ස්‌ථිර වී ඇත්තේ බර ඉසිලීම, රග්බි සහ බීච් වොලිබෝල් කණ්‌ඩායම් පමණක්‌ බවයි.

එම ක්‍රීඩා ඉසව් තුනට අමතරව පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙල නියෝජනය සඳහා තවත් ක්‍රීඩා ඉසව් 55 ක්‌ ශ්‍රී ලංකා ඔලිම්පික්‌ සංගමය වෙත ලැබී තිබෙනවා.

නමුත් ඒවා නියෝජනය කළ හැක්‌කේ අදාළ පරිසාධන මට්‌ටම සම්පූර්ණ කළ පසුව වන අතර හොකී, බැඩ්මින්ටන් වැනි ක්‍රීඩා ඉසව් කිහිපයකම පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් දැනටමත් පොදුරාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ අවස්‌ථාව ගිලිහී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site