Home News Breaking පොදු සමා කාලය අදින් අවසන්

පොදු සමා කාලය අදින් අවසන්

2,820 views

කුවේට් රාජ්‍යයේ නීති විරෝධීව රැදී සිටින ලාංකිකයින් ඇතුළු විදෙස් ශ්‍රමිකයින්ට එරටින් බැහැරවීමට ලබාදුන් පොදු සමා කාලය අද (22) අවසන් වනවා.

පසුගිය ජනවාරි 29 වනදා සිට අද දක්වා එරට නීති විරෝධීව රැදී සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් මෙම සහන කාලය ආරම්භ වනවා.

අද දිනයෙන් පසු කුවේට් රාජ්‍යයේ නිති විරෝධීව රැදී සිටින ලාංකිකයින් ඇතුළු විදෙස් ශ්‍රමිකයින් අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි කුවේට් රජය නිවේදනය කර තිබෙන්නේ.

15000 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීති විරෝධීව කුවේට් දේශය තුළ රැදී සිටින බව අනාවරණවීමත් සමඟයි මෙම පොදු සමා කාලය ආරම්භ කර තිබෙන්නේ.

ඒ අතරන් 5785 දෙනකු පමණක් පෙරේදා දිනය වන විට එරටින් පිටවීම සඳහා වන තාවකාලික බලපත් ලබාගෙන ඇති බව කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.

අද දිනයෙන් පසු කුවේට් රාජ්‍යය තුල නීති විරෝධීව රැදී සිටින ලාංකිකයින්ට දඩ මුලකටද යටත්වීමට සිදුවන බව තානාපති කාර්යාලය අවධාරණය කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site